මිනුස්කාහි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණිය මගින් හෙලිකොප්ටර් මගින් භාණ්ඩ එල්ලාගෙන යාමේ අන්තර්ජාතික මෙහෙයුමක් පළමු වරට සිදු කරයි.

මධ්‍යම අප‍්‍රිකානු ජනරජය තුළ එක්සත් ජාතීන්ගේ බහුජාතික ඒකාබද්ධ ස්ථාවරකරණ මෙහෙයුම යටතේ යොදවා ඇති ප‍්‍රංශයේ නියමුවන් රහිත ගුවන් යානයක් හදිසි ගොඩබෑමකට ලක් කරන ලදුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය මගින් 2017 ජූලි මස 07 වන දින සොයා ගන්නා ලදී. මිනුස්කා එක්සත් ජාතීන්ගේ හමුදා මූලස්ථානය සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බල ඇණිය මගින් මෙම මෙහෙයුම මෙහෙයවන ලද අතර ඒ සඳහා (SMH 4416)දරණ එම් අයි 17 1එස්එච් හෙලිකොප්ටර් යානය භාවිතා කොට ඇත.

මෙම යානය මුදවා ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක කිරීමට පෙර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් විසින් එම සොයා ගැනීමේ ප‍්‍රදේශය පිහිටා ඇති වනාන්තර ප‍්‍රදේශය පුරා පෙර නිරීක්‍ෂණ මෙහෙයුමක් දියත් කරන ලදී. 

මෙම මෙහෙයුම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් අවිකරුවෙකු සහ ප‍්‍රංශ විශේෂ බලකායේ සාමාජිකයින් තුන්දෙනෙකු සහභාගී වූහ. නිරීක්‍ෂණ කණ්ඩායමේ තහවුරු කිරීමෙන් අනතුරුව හෙලිකොප්ටර් කණ්ඩායම මගින් ප‍්‍රංශ නියමුවන් රහිත ගුවන් යානය හෙලිකොප්ටර් යානය මගින් එල්ලාගෙන ප‍්‍රංශ හමුදා බලඇණිය වෙත රැගෙන යන ලදී.

අනතුරුව එම හෙලිකොප්ටර් යානය මගින් මුදා ගැනීමේ කණ්ඩායම එල්ලාගෙන යාමේ මෙහෙයුම දියත් කල ස්ථානයෙන් හෙලිකොප්ටර් යානායට නංවා ගන්නා ලදී.

මෙම මෙහෙයුමෙන් අනතුරුව මිනුස්කා හමුදා මූලස්ථානය විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්ගේ, ගුවන් යානා ඉංජිනේරුවන්ගේ සහ ගුවන් අවිකරුවන්ගේ වෘත්තීය නිපුණත්වය හා කැපවීම ඇගයීමට ලක්විය. බලඇණි අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ප‍්‍රියමාල් ප‍්‍රනාන්දුගේ මෙහෙයවීම මත ස්කොඩ්රන් ලීඩර් කාන්චන කළුආරච්චි විසින් මෙම මෙහයුම දියත් කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.