ගුවන් විරුවන් අනුස්මරණය කිරීමේ ඉස්ලාම් ආගමික පුජෝත්සවය 2017

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විරුවන් අනුස්මරණය කිරීමේ ඉස්ලාම් ආගමික පුජෝත්සවය, අද (2017 ජුලි මස 13) දින උදෑසන  කොළඹ 03 කොල්ලුපිටිය ජුම්මා දේවස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.
 
මෙම ඉස්ලාම් ආගමික පූජෝත්සවය මගින් තම මාතෘභුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා විරුවන් මෙන්ම සේවයේ යෙදී සිටියදී ආබාධිත වූ රණවිරුවන් සිහිකිරමින් ඉස්ලාම් ආගමික පූජකතුමන්ලා විසින් අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සිදු කරන ලදී. එසේම, රාජ්‍ය නායකයන්ටත් ත‍්‍රිවිධ හමුදාපතිතුමන්ලාටත් දැනට සක‍්‍රීය සේවයේ යෙදී සිටින ගුවන් හමුදා රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙතද ආශිර්වාද ලබා ගැනීම මෙහිදී සිදු කරන ලදී.

මෙම පූජෝත්සවය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩීඑල්එස් ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන්  හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා සෙසු නිළයන් ඇතුළු මිය ගිය රණවිරු පවුල් වල සාමාජිකයින් රැසක්ද සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.