ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි තරඟාවළිය 2017

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි අවසන් මහා තරඟය 2017 ජූලි මස 13 ඒකල ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී පවත්වන ලදී. එහිදී කොළඔ ගුවන් හමුදා කදවුර පිරිමි අංශයේ ශූරතාවයටත් ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව කාන්තා අංශයේ ශූරතාවයටත් හිමිකම් කියන්නට සමත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල එ්කල පිරිමි හා කාන්තා අංශයන්හී ද්විත්වෙයහිම අනු ශූරතාවය හිමිකරගන්නා ලදී.

ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා කබඩි සංගමයේ සභාපති සහ ගුවන් හමුදා ගුවන් යානා ඉංජිෙන්රු අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් එම් ඩී  රත්නායක ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිලයන් රැසක් ද ෙමම අවස්ථාවට එක් වූහ.

තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා - 44920 නාගුභ විජේරත්න ඩබ්ලිව් එම් ආර් එම් බී  - කොළඔ ගුවන් හමුදා කදවුර
තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව - එ් ඩබ් 3944 ගුභ සත්සරණි ඩබ් එම් සී - ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.