ලෝක ටයිකොන්ඩෝ ශූරතාවළිය 2017 කොරියාවේදී

කොරියාවේදී පැවති ලෝක ටයිකොන්ඩෝ ශූරතාවළිය සඳහා සහභාගී වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ගුවන් හමුදාවේ නායක ගුවන් භට ලියනගේ එල්සීඑස් විසින් ෆ්ලයි වේට් කාණ්ඩය යටතේ රන් පදක්කමක් දිනා ගන්නා ලදී.

එසේම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රත්නසේකර මෙවර ලෝක ශූරතාවළියට සහභාගී වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කරු ලෙස කටයුතු කරන ලදී.

ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා කණ්ඩායම 2017 ජූලි මස 12 වන දින බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණි අතර ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් රුචිර සමරසිංහ ඇතුළු නිළධාරීන් පිරිසක් විසින් ගුවන් තොටුපල පැමිනීමේ පර්යන්තයේදී ජාතික කණ්ඩායම නියෝජනය කල ගුවන් හමුදා සාමාජිකයින් පිලිගැනීම සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.