ඉන්දීය ගුවන් හමුදා ස්කයි ඩයිවර්ස් කණ්ඩායමක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේ සංචාරය කරයි

ඉන්දීය ගුවන් හමුදාවේ ස්කයි ඩයිවර්ස් කණ්ඩායමක් පසුගිය 2017 ජූලි මස 10 සිට 13 දක්වා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේ සංචාරයක නිරත විය. එහිදී දෙපාර්ෂවය සතු දැනුම තාක්‍ෂණය හුවමාරු කරගැනීම තුළින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාව අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ අරමුණින් ඒකාබද්ධ ස්කයි ඩයිවින් අභ්‍යාසයක් සිදු කරන ලදී.

මෙම අභ්‍යාසය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් උපයෝගී කර ගනිමින් දින තුනක් පුරා සිදු කරන ලද අතර නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසු නිළයන් 19 දෙනෙකුගෙන් සමන්විතව ඉන්දීය ගුවන් හමුදාවේ සාමාජිකයින් 33 දෙනෙකුද,  නිළධාරීන් 03 දෙනෙකු සහ සෙසු නිළයන් 26 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමක්ද මෙම අභ්‍යාසයන් සඳහා සහභාගී වූහ.

ඉන්දීය ගුවන් හමුදාවේ බෙහොමයක් පැරෂුට් භටයින් අත්දැකීම් වලින් බහුල වූ  නිදහස් පැනීමේ භටයින් වන අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් එම්ඒවී ගොමස් සහ සැරයන් ලියනාරච්චි ඉන්දීය ගුවන් හමුදා පැරෂුට් භටයින් සමග සාර්ථකව පැනීම් සිදු කරමින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා පැරෂුට් වංශකථාවේ නොමැකෙන සටහනක් තබන්නට සමත්කම් දක්වන ලදී.

මෙහි අවසන් අංගය වශයෙන් සාම්ප්‍රදායික ප‍්‍රියසම්භාෂනයක් පවත්වන ලද අතර එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්ඩබ්ආර් චන්දිම සහ දිල්ලි ඉන්දීය ගුවන් හමුදා මූලස්ථානයේ පැරෂුට් මෙහෙයුම් අධ්‍යක්‍ෂක ගෲප් කැප්ටන් අරුන් මාරවාහා අතර සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.