ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ පෙර පාසල් වාර්ෂික කී‍්‍රඩා උත්සවය - 2017

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ පෙර පාසල් වාර්ෂික කී‍්‍රඩා උත්සවය 2017 ජුලි මස 26 වන දින ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිෆල් ගී‍්‍රන් ක‍්‍රීඩා පිටියේදී පැවැත්විණ.

ප‍්‍රථමයෙන්ම ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව ඔලිම්පික් පහන දල්වා උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය. කුඩා දරු දැරියන් හට සතුටුවීම සඳහා ක‍්‍රීඩා හා විනෝද ක‍්‍රියාකාරකම් රාශියක් මෙහිදී සංවිධානය කර තිබිණි. මෙහිදී දරු දැරියන් විසින් ඉදිරිපත් කල තූර්ය වාදන සංදර්ශනය හා සරඹ සංදර්ශනය පැමිණ සිටි පිරිසගේ දැඩි අවදානයකට ලක්විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් හඳුන්වාදුන් සංකල්පයක් වූයේ රට වටා පිහිටි ගුවන් හමුදා ආයතන වල ජාත්යන්තර ප‍්‍රමිති ස්ථාපිත කිරීමයි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිළධාරීන් මෙන්ම ගුවන් හමුදා කඳවුරු වල ජීවත් වන ජනතාවගේ දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සඳහාත් එය ඉතා වටිනා වටිනාකමක් ලබා දෙයි.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගි විය. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී අනෝමා ජයම්පති මහත්මිය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය නිළධාරීන්, ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජීජීඩබ්ටීකේ ගුණවර්ධන ඇතුළු නිළධාරීන්, සෙසු නිළයින් හා දරු දැරියන්ගේ දෙමාපියන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වීය.

 

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලික කඳවුර රත්මලාන



ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලික කඳවුර අනුරධපුර



ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලික කඳවුර හිගුරක්ගොඩ


ශී‍්‍ර ලංකා ගුවන් හමුදා  කඳවුර අම්පාර


ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලික කඳවුර වව්නියාව
 


ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.