කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය අද (2017 ජූලි මස 28) දින සිදු කරන ලදී.

මාර්ග පෙළ ඛණ්ඩයක ආචාරය මධ්‍යයේ, කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්ටීඑච් ධර්මදාස විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගන්නා ලදී.

කඳවුරු පරීක්‍ෂණයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම ස්ථාන තම පරීක්‍ෂාවට ලක් කරන ලදී. මෙහිදී 019763 නායක ගුවන් භට නිෂාන් කුමාර අයිඑම් (වඩු කාර්මික) සහ සිවිල් සේවක පී ජී ලාල් මහතා (කම්කරු) හට ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදාධිපති ඇගයීම් සහතිකයක්ද පිරිනමන ලදී.

පරීක්‍ෂණය අවසානයේදී දිවා භෝජන සංග‍්‍රහය  සියලු නිළයන්ගේ සහභාගීත්වයෙන් ගුවන් භට භෝජනාගාරයේදී සංවිධානය කර තිබූ අතර අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන්  කඳවුරේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතන ලදී,  මෙහිදී කඳවුරේ දියණුව සහ අභිවෘද්ධධිය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් සුභ පතන ලද අතර ඉදිරියේදීත් මෙම සේවාවන් නොකඩවා පවත්වා ගනිමින් සෑම විටම මව්බිමේ  සංවර්ධනයට දායකත්වය ලබා දීමට කටයුතු කල යුතු බව  අවධාරනය කරන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.