ජාතික මට්ටමේ සූපශාස්ත‍්‍ර තරඟයෙන් ගුවන් හමුදාවට කුසලතා සම්මාන

සුපවේදින්ගේ නිර්මාණ දක්ෂතා ඇගයෙන "Culinary Art Food Expo 2017" ප‍්‍රදර්ශනය සහ තරඟාවලිය 2017 ජූලි මස 28 සිට 30 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි.

17 වැනි වරටත් ශී‍්‍ර ලංකා සුපවේදී සංසදය මගින් සංවිධානය කරනු ලබන මෙම ප‍්‍රදර්ශනය සඳහා දිවයින පුරා විසිර සිටින දක්ෂ සුපවේදීන් හා ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනු සුපවේදීන් 2000 කට ආසන්න පිරිසක් සහභාගී විය.

මෙහිදී  ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඊගල්ස් ලැගූන් විව්  උත්සව ශාලාවේ සූපවේදීන් සම්මාන රැසක් දිනාගැනීමට සමත් විය.

සම්මාන ලාභීන්

44155  නායක ගුවන් භට බන්ඩාර - රන් සම්මාන
26293  සැරයන් පි‍්‍රයන්කර  - රිදී සම්මාන
19129  බලලත් නිළධාරී විජේසිංහ - ලෝකඩ සම්මාන
30989 කෝප‍්‍රල් සංජීව - ලෝකඩ සම්මාන 02
31006 කෝප‍්‍රල් බණ්ඩාර - ලෝකඩ සම්මාන 02
32517 කෝප‍්‍රල් සමරනන්ද - ලෝකඩ සම්මාන
026551 නායක ගුවන් භට  රාජපක්ෂ  - ලෝකඩ සම්මාන
026557 නායක ගුවන් භට ඉන්දික බණ්ඩාර - ලෝකඩ සම්මාන


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.