ගුවන් හමුදාධිපතිතුමන් නාලන්දා රණවිරු උපහාර උත්සවයට සහභාගී වෙයි

නාලන්ද විද්‍යාලීය රණවිරුවන් අණුස්මරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද නාලන්දා රණවිරු උපහාර උත්සවය 2017 අගොස්තු මස 01 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහභාගීත්වයෙන් නාලන්දා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර  සන්නද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

රට තුල නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වූ රණවිරුවන් අනුස්මරණය කිරීම හා සියලුුම රණවිරුවන්ට ආශිර්වාද කිරීමේ අදහසින් නාලන්දා විද්‍යාලීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේ 16 වන සැමරුම මෙවර පවත්වන ලදී. තවද මෙම උත්සවයට මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය. .



 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.