අංක 54 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව විසිර යයි

අංක 54 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානෝත්සවය 2017 අගෝස්තු මස 04 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ ඇස්ට‍්‍රා සිනමා ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ඇන්ඩෲ විජේසූරිය මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. චීන වරාය විද්‍යාපීඨ පිඨාධිපති එයාර් කොමඩෝර් තුයියකොන්තා, ශ‍්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්‍ෂක උපදේශක සහ යුධහමුදා, නාවික හමුදා ආරක්‍ෂක නියෝජිතයින් පිරිසක්ද ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.

මෙම පාඨමාලාව සති 14 ක පමණ කාළයක් පවත්වන ලද අතර පාඨමාලාව සාර්ථකව නිමකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්‍රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ නිලධාරීන් 22 දෙනෙකු, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් නිළයේ එක් නිළධාරියෙකුද,  බංගලාදේශ ගුවන් හමුදාවේ නිළධාරිවරයෙකු සහ ඉන්දියානු ගුවන් හමුදාවේ  එක් නිළධාරීවරයෙකු හට මෙලෙස සහතික පත් ප‍්‍රදානය කරන ලදී.

මෙම කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිම කරන ලද නිලධාරීන් සඳහා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය මගින් ආරක්‍ෂක කළමණාකරණය පිළිබඳව පිළිගත් පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහතිකයක් පිරිනමනු ලබයි.

විශේෂ සම්මාන හිමිකරගනු ලැබූ නිළධාරීන්ගේ විස්තර පහත සඳහන් වේ.

සෑම අතින්ම දක්‍ෂ නිළධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් ඊපීඩීආර් එදිරිසිංහ ( තාක්ෂණික ඉංජිනේරු )

සෑම අතින්ම දක්‍ෂ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නොවන නිළධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් කේ එම් ශයික් බින් සමාන් (ඉන්ජිනේරු බංගලාදේශ ගුවන් හමුදාව)

දක්‍ෂතම පොත් සමාලෝචන නිළධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් එස් ඒ අයි එන් සුබසිංහ  (නියමු පොදු රාජකාරි)

දක්‍ෂතම ක‍්‍රීඩකයා
ෆ්ල්යිට් ලෙෆ්ටිනන් කේටී සෙබස්තියන් (ඉන්දියානු ගුවන් හමුදාව )

දක්‍ෂතම කළමණාකරණ නිළධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් ඊපීඩීආර් එදිරිසිංහ ( තාක්ෂණික ඉංජිනේරු )

දක්‍ෂතම කථිකයා
ස්කොඩ්‍රන් ලීඩර් ජීඩීඩීපී සේනාරත්න (නියමු පොදු රාජකාරි)

ඉගෙනුම් අතින් දක්‍ෂතම නිළධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් ඊපීඩීආර් එදිරිසිංහ ( තාක්ෂණික ඉංජිනේරු )

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.