ගුවන් යානා ඉංජිනේරු, යූ. ඒ. වී නියමු නිළධාරී, ගුවන්යානා පාලක නිළධාරී සහ ගුවන් අවිකරු වෘත්තිකයන් සදහා නිළ ලාංඡන ප‍්‍රදානය කිරීම

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ගුවන්යානා පාලක නිළධාරී 01 ක් යූ. ඒ. වී නියමු නිළධාරී 01 ක් ගුවන්යානා ඉංජිනේරු 03 කට සහ ගුවන් අවිකරු 14 දෙනෙකු හට 2017 අගෝස්තු 09 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ඔවුන්ට හිමි නිළ ලාංඡන ප‍්‍රදානය කරන ලදි.

ගුවන්යානා පාලක නිළධාරී සිය පුහුණුව බංග්ලාදේශ ගුවන් හමුදාවේ දී සාර්ථකව අවසන් කිරීමෙන් පසු සිය ලාංඡණය ගුවන් හමුදාධිපති තුමන් අතින් ලබා ගත්තේය. යූ.ඒ.වී ගුවන් නියමු ලංඡණය පැළදූ නිළධාරි වවුනියාව ගුවන් හමුදා කඳවුරේ දී සිය පුහුණුව සාර්ථකව නිම කරන ලදී.

ගුවන් යානා ඉංජිනේරුවන් ලෙස ලාංඡනය ලබා ගත් ලාංඡන ලාභීන් සිය පුහුණු පාඨමාලාවන් ඒ එන්-32 සී 130 සහ එම් අයි-17 ගුවන්යානා ආශ‍්‍රයෙන්  රත්මලාන මූලික ගුවන් හමුදා කඳවුරේ හා අනුරධපුර මූලික ගුවන් හමුදා කඳවුරේ දී සාර්ථකව නිම කරන ලදී.  හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ 13 වන ගුවන් ප‍්‍රහාරක පාඨමාලාව ගුවන් අවිකරු වෘතිකයන් 14 දෙදෙනෙකු සාර්ථකව නිමකල අතර බෙල් 212 ගුවන් යානා වල මූලික කර ගනිමින්  ගුවන් ප‍්‍රහාරක පාඨමාලාවේ පුහුණුවීම් සිදුකරන ලදී.

ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එස්කේ පතිරණ මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් එම් ඩී රත්නායක ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම  අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.