පාලවිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පාලවිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය අද (2017 අගෝස්තු මස 11) දින සිදුකරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල් ඩී ආර් පී ගුණවර්ධන විසින්  ගුවන් හමුදාධිපතිතුමන් උත්තමාචාර පෙලපාලියක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් කදවුර වෙත පිළිගන්නා ලදී.

මෙහිදී පසුගිය වර්ෂය තුළ කඳවුර වෙනුවෙන් කළ විශිෂ්ඨ සේවාව අගයමින් 18335 ප‍්‍රධාන බලලත් නිළධාරී ඩබ්ඒකේඑස් චන්දන (පයිප්කරු විශේෂ 1) 015787 නායක ගුවන් භට තාරක එස්ආර්එම්ආර් (මෙහෙයුම් භුමි) සහ සිවිල් සේවක කේඑන් ජගත් මහතා (කම්කරු) යන අයවලුන් ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන්  කඳවුරේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතන ලදී.  මෙහිදී කඳවුරේ දියණුව සහ අභිවෘද්ධිය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ස්තුතිය ලබා දුන් අතර ඉදිරියටත් කදවුරේ තත්වය උසස් මට්ටමින් පවත්වාගෙන යාම සදහා සියලු දෙනාගේ දායකත්වය ලබා දිය යුතු බව පවසා සිටින ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.