ලෝරස්න්ගේ මනමාලි වේදිකා නාට්‍යය වේදිකා ගත වෙයි

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදුකරනු ලබන සහන සේවා ව්‍යාපෘති  අරමුදලට අාධාර පිණිස  වේදිකාගත කළ "ලෝරස්න්ගේ මනමාලි "වේදිකා නාට්‍යය 2017 අගෝස්තු මස 13 වන දින කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු ඇස්ට‍්‍රා සිනමා ශාලාවේ දී උදෑසන 08.30 හා රත්මලාන ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී සවස 04.30 හා 07.00 ට සාර්ථකව වේදිකාගත  විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, පොලිස්පති ජූජිත් ජයසුන්දර මහතා, සිවිල් ආරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් චන්ද‍්‍රරත්න පල්ලෙගම මහතා, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් සහ ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය ඇතුළු පේ‍්‍රක්‍ෂකයින් විශාල පිරිසක් මෙම වේදික නාට්‍ය නැරඹීම සදහා සහභාගී වී සිටියහ.


රත්මලාන ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.