ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි ශූරතාවලිය 2017

ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි තරඟාවලියෙහි අවසාන තරඟ 2017 අගෝස්තු මස 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු රග්බි පිටියේදී පැවැත්විණ. ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුර කටුනායක අතර පැවති පිරිමි අවසාන තරගයේදී විෂ්මයජනක සටනකින් පසුව 29-07 ක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව තරඟාවලියේ ශූරතාවය දිනාගන්නා ලදී.

කාන්තා තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර 10-05 ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව පරාජය කරමින් කාන්තා ශූරතාවය හිමිකර ගන්නා ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා මණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ගුවන් හමුදා රග්බි සම්මේලනයේ සභාපති ගෲප් කැප්ටන් ඩී සී අයි වීරසූරිය ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ඇතුළු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.