ධූරයෙන් විශ‍්‍රාම යන ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති  මහතා සහ ධූරයෙන් විශ‍්‍රාම යන ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක‍්‍රිසාන්ත ද සිල්වා  මහතා අතර හමුවක් 2017 අගෝස්තු මස17 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදී.

කොළඹ කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී තුමන් ඉතා උණුසුම් අයුරින් ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලද අතර අනතුරුව ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් එතුමන් වෙත ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදී. මෙම අවස්ථාව සදහා නිළධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී තුමන් අතර සුහද සංවාදයක් සිදු කෙරුණු අතර මෙම හමුවීම සිහිපත් විම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුමවාරුවක්ද සිදු කර ගන්නා ලදී. සංචාරය අවසානයේ ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී තුමන්  ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයද හමුවිය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.