ගුවන් හමුදා රණවිරු අනුස්මරණ උත්සවය 2017

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී තම දේශය වෙනුවෙන් දිවිපිදූ අභීත ගුවන් හමුදා විරුවන් අනුස්මරණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් විරු සැමරුම් උළෙල ඒකල ගුවන් හමුදා රණවිරු ස්මාරකය අභියසදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2017 අගෝස්තු මස 18 වන දින පස්වරුවේ පැවැත්විණි.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් ඇතුළු ගුවන් හමුදා නිළධාරින් සහ සෙසු නිළයන්ද ඇතුලූ පිරිසක් ගුවන් හමුදා රණවිරු ස්මාරකයේ පැවති උත්සවයට සහභාගී විය.

ප‍්‍රථමයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පළමු මල් වඩම තැන්පත් කරන ලදී. අනතුරුව පිලිවෙලින් ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් හා අනෙකුත් සියලූ නිලයන් නියෝජනය කරමින් සේවා පුද්ගලයින් ඊට සහභාගී වෙමින් ගුවන් හමුදා රණවිරු ස්මාරකය අභියස මල් වඩම් තැන්පත් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.