ගුවන් හමුදාව ලංකාවේ විශාලතම ස්කොෂ් කි‍්‍රඩා සංකීර්ණයට හිමිකමි කියයි

ගෘහස්ථ කි‍්‍රඩාවට නව ජවයක් එක් කරමින්, රත්මලාන ගුවන් හමුදා කඳවුර තුල අභිනවයෙන් ඉදිකරන ලද ස්කොෂ් කී‍්‍රඩා සංකීර්ණය අද (20) දින ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් විවෘත කරන ලදී.

ගුවන් හමුදාධිපති තුමන්ගේ සංකල්පයක් මත ඉදිකරන ලද මෙම ස්කොෂ් කී‍්‍රඩා සංකීර්ණය ලංකාවේ ඉදි කරන ලද විශාලතම ස්කොෂ් කි‍්‍රඩා සංකීර්ණය වන අතර මෙහි ස්කොෂ් කී‍්‍රඩා පිටි 06ක් ස්ථාපිත කර ඇති අතර තරගකරුවන්ට සහ නරඹන්නන්ට මනා ඉඩ පහසුකමි සහිතව ඉදි කර ඇත.

2010 හත් වන ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරඟමාලාව මෙම මස 21 සිට 28 දක්වා මෙම  ස්කොෂ් කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වීමටද කටයුතු සුදානමි කර ඇත. මේ වන විට පකිස්ථාන් ගුවන් හමුදා ස්කොෂ් කණ්ඩායම් තම පුහුණු කරුවන්ද සමගින් පුහුණුවීම් කටයුතු සිදුකිරීමට පැමිණ සිටින අතර ඉන්දීය ගුවන් හමුදා ස්කොෂ් කණ්ඩායමද මෙම තරඟාවළියට සහභාගී වීමට දිවයිනට පැමිණිමට නියමිතය.

මෙම සුවිශේෂි අවස්ථාව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රීඩාවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් අශෝක අමුණුගම, ගුවන් හමුදා ක‍්‍රිඩා සංගමයේ ලේකමි ගෲප් කපිතාන් රොෂාන් බියන්විල, ශි‍්‍ර ලංකා ස්කොෂ් සංගමයේ ලේකමි සහ ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රීඩාවේ ලේකමි විංග් කමාන්ඩර් ජාලිය ජයසේකර සහ ශි‍්‍ර ලංකා ස්කොෂ් සංගමයේ උප සභාපති ඔලිවර් ගුරුගේ ඇතුළු උසස් නිළධාරීන් රැසක් සහභාගී විය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.