අන්තර් ඒකක දැල්පන්දු ශූරතාව 2017

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 2017 අන්තර් ඒකක දැල්පන්දු තරඟාවළිය 2017 ජූලි මස 22 වන දින කොළඹ තුම්මුල්ල සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. මෙහිදී දියතලාව සටන් පුහුණු පාසල් කණ්ඩායම 20-18 ක් ලෙස පරදවා ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ දැල්පන්දු කණ්ඩායම සමත්කම් දක්වන ලදි.

ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ දැල්පන්දු කණ්ඩායම ගුවන් කාන්තා ජයසුරිය ජේඒඩීඒඩී හොඳම පන්දු විදින්නිය ලෙස සම්මාන ලැබූ අතර දියතලාව සටන් පුහුණු පාසල් කණ්ඩායමේ  ගුවන් කාන්තා පූජානි ඒකේඩීඩී සහ ආධුනික ගුවන් කාන්තා පි‍්‍රයදර්ශනී ආර්පීපී පිළිවෙලින් හොඳම මධ්‍යස්තාන ක්‍රීඩිකාව හා හොඳම ආරක්ෂකයා ලෙස සම්මාන ලැබුවාය.

මෙහිදී ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ දැල්පන්දු කණ්ඩායමේ කාන්තා කෙඩෙට් නිළධාරී සමරකෝන් එස්එම්එම් 2017 අන්තර් ඒකක දැල්පන්දු ශූරතා තරඟාවලියේ  දැල්පන්දු රැජින ලෙස අභිෂේක ලැබුහ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ අනෝමා ජයම්පති මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වු අතර එතුමිය විසින් ප‍්‍රධාන පදක්කම් පිරිනමන ලදි. මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ, ගුවන් හමුදා දැල්පන්දු සංගමයේ සභාපතිණී විංග් කමාණ්ඩර් සුරේකා ඩයස්, නිළධාරීන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් රැසක් සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.