2016 සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දක්‍ෂතා දැක්වූ ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ දූ දරුවන් හට ශිෂ්‍යත්ව සහ ත්‍යාග ප‍්‍රදානය කෙරේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නොකඩවා 8 වන වසරටත් ක‍්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව සහ ත්‍යාග ප‍්‍රදානය කිරීමේ උත්සවයක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ මගපෙන්වීම මත 2017 අගෝස්තු මස 23 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන  ලදී.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට උසස් පෙළ විභාගය දක්වා දක්ක්‍ෂතා දක්වන ලද ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ දූ දරුවන් සුදුසුකම් ලබයි. මෙවර, ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දූ දරුවන් 51 දෙනෙකු ශිෂ්‍යත්ව ලබා ගන්නා ලදී.

ඊට අමතරව, උසස් පෙළ විභාගයේදී ”ඒ” සාමාර්ථ තුනක් ලබාගත් සිසු සිසුවියන් සය දෙනෙකු සහ සාමාන්‍ය පෙළ විභාගයේදී ”ඒ” සාමාර්ථ 9ක් ලබා ගත් සිසු සිසුවියන් 11 දෙනෙකු හට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මූල්‍යාධාර ප‍්‍රදානය කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් විභාගයන් සමත්වූ දරු දැරියන් හට සුභපැතීමද මෙහිදී සිදු කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.