අන්තර් ඒකක ජල පන්දු සහ පිහිනුම් තරගාවළිය 2017

2017 අන්තර් ඒකක ජල පන්දු සහ පිහිනුම් තරඟාවළිය ඊයේ (2017 අගෝස්තු මස 23) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී අතිසාර්ථක අයුරින් නිමාවට පත්විය. අනුරාධපුර ගුවන් හමුදා කඳවුර සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවය දිනා ගනු ලදී.

පසු ගිය අගෝස්තු මස 14 වෙනිදා සිට 17 වෙනිදා දක්වා පැවති මෙම තරගාවළිය සඳහා සියළු කඳවුරු නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 200 කට අධික ප‍්‍රමාණයක් සහභාගී විය.

ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් මොහාන් ද සොයිසා මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්‍ෂක සහ පිහිනුම් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සී පී වැලිකල, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සමස්ථ ප්‍රතිඵල

පිහිනුම් පිරිමි
ශූරතාවය          - ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර අනුරාධපුර
අනුශූරතාවය    - ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ

පිහිනුම් කාන්තා
ශූරතාවය          - ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර හිඟුරක්ගොඩ
අනුශූරතාවය    - ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ

 ජලක්‍රීඩා පිරිමි
ශූරතාවය          - ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර අනුරාධපුර
අනුශූරතාවය    - ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර වව්නියාව


ජලක්‍රීඩා කාන්තා
ශූරතාවය          - ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර හිඟුරක්ගොඩ
අනුශූරතාවය    - ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර අනුරාධපුර

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.