ජලයෙන් සිදුවන හදිසි ආපදා තත්වයකදී ඉන් මුදවා ගැනීමේ නිදර්ශණාත්මක පුහුණුවක් ගුවන් හමුදාව විසින් පානදුර ප‍්‍රදේශයේදී සිදු කරයි

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අංක 4 බලඝණය මගින් හදිසි ආපදා තත්වයකදී අනතුරට පත් පුද්ගලයින් හෙලිකොප්ටර් යානා හා කඹ ආධාරයෙන් ඉන් මුදවා ගන්නා ආකාරය ප‍්‍රායෝගිකව විදහා දක්වන නිදර්ශණාත්මක පුහුණුවක්් පානදුර වෙරළ උද්‍යානය අසල මුහුදු තීරයේදී 2017 අගෝස්තු මස 25 වන දින උදෑසන සිදු කරන ලදී.

පසුගිය කාල වකවානුෙවි ගංවතුර උවදුරු හා මුහුදේදී අනතුරු සිදුවු අවස්ථාවන් වලදී අනතුරට පත්වූ පුද්ගලයින්ගේ ජීවිත ෙබිරා ගැනීෙමි කි‍්‍රයාදාම රැුසකට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය දායකත්වය ලබාදුන් අතර මෙම පුහුණු පාඨමාලාවේ ප‍්‍රධාන අරමුණ වනුයේ ඉදිරියේදී ඇති විය හැකි එවැනි ආපදා තත්වයන්ට සාර්ථකව මුහුණදිය යුතු ආකාරය පිළිබදව ප‍්‍රගුණ කිරීමයි.

මෙම පුහුණු පාඨමාලාව සදහා ගුවන් නියමුවන්, ගුවන් හමුදා රෙජිෙමින්තු විශේෂ බලකා භටයින් හා අවිකරුවන් ඇතුලූ පිරිසක් සහභාගී වන ලදි.
 
මෙම පුහුණු පාඨමාලාවේ අධීක්‍ෂණ කටයුතු අංක 04 හෙලිකොප්ටර් බලඝණයේ   අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් අසේල කුරුවිට සහ ගුවන් හමුදා රෙජිෙමින්තු විශේෂ බලකා අණදෙන නිළධාරි ස්කොඩිරන් ලිඩර් තුසිත නන්දක කුමාර යන නිළධාරීන් විසින් සිදුකරන ලදී.

   

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.