ගුවන් හමුදාව සහ යුධ හමුදාව අන්තර් සේවා මාර්ග ධාවන තරඟ කාන්තා පිරිමි ශූරතා දිනයි
2010 අන්තර් සේවා තරඟාවළියේ මාර්ග ධාවන තරඟයේ කාන්තා ශූරතාවය ගුවන් හමුදාවට හා පිරිමි ශූරතාවය යුධ හමුදාවට හිමි කර දෙමින් අද (21) උදෑසන පනාගොඩදී නිමාවට පත්විය.
උදෑසන 6.30 පනාගොඩ යුධ හමුදා කඳවුර ඉදිරිපිටින් ආරම්භ කරන ලද මාර්ග ධාවන තරඟය අතුරුගිරිය හරහා මාලඹේ දක්වා ගොස් නැවත පනාගොඩ යුධ හමුදා කඳවුර දක්වා කි.මී. 21 ක දුරකින් යුක්ත විය.
පිරිමි තරඟයේ ජයග‍්‍රහණය පැය 01 විනාඩි 07 තත් 29 තරඟය නිමා කල යුධ හමුදාවේ එස්/578409 සෙබල බන්ඩාර එච්.ආර්.එන්.වී. හිමිකරගත් අතර කාන්තා තරඟයේ ජයග‍්‍රහණය පැය 01 විනාඩි 23 තත් 05 කින් තරඟය නිම කල ගුවන් හමුදාවේ ඒ.ඩබ්. 01349 ගුවන් කාන්තා දීපානි එම්.ඒ.ආර්. හිමි කර ගන්නා ලදී.
මෙම අවස්ථාවට යුධ හමුදා මලල ක‍්‍රීඩා ලේකම් මේජර් මංජුල පෙරේරා මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.