නව නාවික හමුදාධිපති ගුවන් හමුදාධිපති හමුවේ

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා නාවික හමුදාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව, 2017 අගෝස්තු මස 29 වන දින උදෑසන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

ප‍්‍රථමයෙන්ම ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන නිළධාරි තුමන් විසින් නාවික හමුදාධිපති තුමන්, ගුවන් හමුදා මූලස්ථානය වෙත ඉතා සුහඳව පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් ගෞරව සමිමාන මුරයක්ද පිරිනමන ලදි.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් හා නාවික හමුදාධිපතිතුමන් අතර සුහඳ කතාබහක්ද සිදු විය. ඉන් අනතුරුව මෙම හමුවීම සිහිපත් විම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුමවාරු කර ගත් අතර නාවික හමුදාධිපති තුමන් විසින් සමරු සටහනක් තැබීමද තැබීමද සිදු කළේය.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් පිරිසක්ද සහභාගී විය.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.