අභාවප‍්‍රාප්ත එයාර් කොමඩෝර් ජනක කරුණාරත්නගේ පවුලට නව නිවසක්

අභාවප‍්‍රාප්ත එයාර් කොමඩෝර් ජනක කරුණාරත්නගේ පවුලට ජීවන අත්වැලක් සැපයීමේ අදහසින්, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ආපදා සහන සේවා ක‍්‍රමයක් ලෙස නව නිවසක් ඉදිකරීම සඳහා මූල්‍යාධාර ලබාදීමට අවසර ලබා දී ඇත.

ඒ අනුව, නව නිවස සඳහා මුල්ගල තැබීම 2017 අගෝස්තු මස 24 වන දින කැස්බෑව ප‍්‍රදේශයේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී. මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ සමාජිකාවන්, නිළධාරීන් සහ සෙසු නිලයන් රැසක්ද සහභාගී වූහ.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම නිවස ඉදිකිරීම සඳහා මුදල් ලබාදීම සිදු කරනු ලබන අතර සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකය විසින් මෙහි ඉදිකිරීම් කටයුතු අධීක්‍ෂණය සිදු කරනු ලබයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.