නවතම එලවළු හා පලතුරු වෙළඳසැලක් ගුවන් පුරින් විවෘතවේ

ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ පහසුව හා සුභසානය උදෙසා නවතම එලවළු හා පලතුරු වෙළඳසැලක් ගුවන් ගුවන් පුරදී සුභ සාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා අතින් පසුගියදා (20) විවෘත කරන ලදී.  

ඉතා සහනදායි මුදලකට නැවුම් පලතුරු හා එලවළු වර්ග ගුවන් හමුදා සේවා පුද්ගලයන් හට ල
බා දීම මෙහි මූලික අරමුණ වන අතර මෙම සුභ සාධක වෙළඳසැල කඳවුරේ සිවිල් හා සේවා පුද්ගලයින් වෙනුවෙන් විවෘත වීමත් සමග ඔවුන්ට අඩු මිලට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු වී ජීවන තත්වය උසස් මට්ටමකට පත්වනු ඇත.

මෙම අවස්ථාව සදහා සහභාගි වූ අරාධිත අමුතන් අතරට කොළඹ කදවුරේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් අතුල නානායක්කාර හා තුන්වන කලාපයේ අණදෙන නිළධාරී විංග් කමන්ඩර් වජිර ජයවර්ධන යන අය එක් විය.  





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.