ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල

ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසලේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2017 සැප්තැම්බර් මස 15 වන දින පවත්වන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් නිරීක්‍ෂණය කරනලද ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණ පෙළපාලිය සඳහා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ජේආර් පෙරේරා විසින් අණදෙන ලදී.

එහිදී 25 796 බලපන්ති සැරයන් හෙට්ටිආරච්චි ඞී (අක්‍ෂි රෝග තාක්‍ෂණවේදී විශේෂ 1*, ඒඩබ් 2640 සැරයන් බණ්ඩාර ජීයූඑම් (පරිපාලන සහායක විශේෂ 1*, 31961 කෝප‍්‍රල් කුමාර ආර්එම්ඒ (මෙහෙයුම් භූමි විශේෂ 1*, 011700 කෝප‍්‍රල් කරුණාරත්න එස්කේ මෙහෙයුම් භූමි 11* සහ එම් ගයාන් සම්පත් මහතා ( සිවිල් සේවක 111* විසින් කඳවුරු රාජකාරීන් උදෙසා සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන්හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණයට භාජනය කරනලදී. එසේම එහිදී කඳවුරේ අළුතින් ඉදිකරනලද ටෙනිස් ක‍්‍රීඩා සංකීර්ණය සහ කඳවුරේ රෝහලේ පිරිමි වාට්ටුව විවෘත කිරීමද ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින්  ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන්  කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශීෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන්අමතන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.