ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශක්ති කාන්තා ක්‍රීඩා සමාජය අතර පසුගියදා (21) ගුවන් හමුදා රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී පැවති තරගයෙන් ගුවන් හමුදා පිලට විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

කාණ්ඩ 02 යටතේ පැවති මෙම තරගය පන්දුවාර 20 පමණක් සීමා වූ අතර මුලින්ම පන්දුවට පහර දිමේ අවස්ථාව ශක්ති ක්‍රීඩා සමාජයට හිමි විය. ඔවුන්ගේ ඉණිම ලකුණු 32 කට සීමා කිරීමට ගුවන් හමුදාවේ ප්‍රබල පන්දු යවන්නියන් සමත් වූහ.

පන්දු යැවීමෙන් ගුවන් කාන්තා රෝස් ප්‍රනන්දු ලකුණු 02 ට කඩුළු 02 ද, චමරි පොල්ගම්පොල ලකුණු 02 ට කඩුළු 02 ද සවුම්යා සදමාලී ලකුණු 03 ට කඩුළු 02 ද සදුනි අබේනායක ලකුණු 05 ට කඩුළු 02 ලෙස දවා ගනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ගුවන් හමුදා කණ්ඩායම පන්දුවාර 03 දී කිසිදු ක්‍රීඩකයකු නොදැවී සිය ජයග්‍රහනය තහවුරු කිරීමට සමත් විය.

ගුවන් කාන්තා චමරී පොල්ගම්පොල හා චමරි අතපත්තු ලකුණු 17 බැගින් ලභා ගනිමින් ගුවන් හමුදාවට විශිෂ්ඨ ජයක්ග්‍රහනයක් අත්කර දෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.