බාලදක්ෂ මූලික ලාංඡුන පැළඳවීමේ උත්සවය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් බාලදක්ෂ කණ්ඩායමට අළුතින් එක්වූ  සාමාජිකයන් සඳහා මූලික සාමාජිකත්ව ලාංඡුන පැලඳවීමේ උත්සවයක් 2017 ඔක්තෝම්බර් මස 14 වන දින පවත්වන ලදී.

රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් නිහාල් ජයසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

නියෝජ්‍ය ප‍්‍රධාන බාලදක්ෂ කණ්ඩායම් නායක විංග් කමාන්ඩර් ඊඑස් පොන්නම්පෙරුම, බාලදක්ෂ කණ්ඩායම් නායක (කොළඹ) විංග් කමාන්ඩර් එල්එස්ආර් පාගොඩ, රත්මලාන ගුවන් හමුදා කඳවුරු 27 වන රෙජිමේන්තු පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩීපීඩබ් විමලවර්ධන, නියෝජ්‍ය බාලදක්ෂ කණ්ඩායම් නායක (රත්මලාන) ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් පීබීපී විතානගේ සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අනෙකුත් ගුවන් බාලදක්ෂ නායකයින් සහ නවක බාලදක්ෂයින්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.