අන්තර් සේවා ක්‍රිකට් තරගාවලියේ එක් තරගයකදී යුධ හමුදාව, ගුවන් හමුදාවට පරදී

වැලිසර නාවික හමුදා ක්‍රිඩා පිටියේ ඊයේ (24) පැවති අන්තර් සේවා ක්‍රිකට් තරගාවලියේ යුධ හමුදාව සහ ගුවන් හමුදාව අතර පැවති තරගයේදී යුධ හමුදා කණ්ඩායම ලකුණු 32කින් පරාජයට පත්කිරීමට ගුවන් හමුදා කණ්ඩායමට හැකි විය.

ගුවන් හමුදා කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් ඔවර් 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 242ක් ලබා ගත් අතර විශිෂ්ඨ පිතිහරඹයක නියැලුනු ජනක පෙරේරා සහ ඉන්දික ද සෙරම් පිළිවෙලින් ලකුණු 57ක් සහ ලකුණු 45ක් ලැබුහ. යුධ හමුදා කණ්ඩායමේ නුවන්ත පෙරේරා සහ ජනක රත්නායක කඩුලු දෙක බැගින් දිනා ගැනීමට සමත් විය.   

යුධ හමුදා කණ්ඩායම ලකුණු 210කට සීමා වු අතර යුධ හමුදාව වෙනුවෙන් මංජුල ද සොයිසා ලකුණු 53ක් සහ ඉන්දික කරුණාරත්න ලකුණු 51 ක් ලබා ගැනීමට සමත් විය.  ගුවන් හමුදා කණ්ඩායමේ ඉන්දික ද සෙරම් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 47කට කඩුළු 5ක් දවා ගත් අතර අකිල ඉෂන්ක කඩුළු 2ක් දවා ගැනීමට සමත්විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.