ගුවන් ප‍්‍රහාරක පාලක නිලධාරීන් වර්ගීකරණය කෙරේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ප‍්‍රහාරක පාලක නිළධාරීන්ගේ වර්ගීකරණ මණ්ඩලය 2017 ඔක්තෝම්බර් මස 20 වන දින ඉන්දීය ගුවන් හමුදා පරීක්‍ෂකවරුන් විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 01 ගුවන් රේඩාර් බලඝණයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.

ඉන්දීය ගුවන් හමුදා පරීක්‍ෂක මඬුල්ලෙහි අධීක්‍ෂණය හා මගපෙන්වීම යටතේ දේශන, සාකච්ඡා සහ ප‍්‍රායෝගික සැසි මාලාවක් ඔස්සේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලදී. ඇගයුම් ක‍්‍රියාවලියේදී ගුවන් හමුදා ප‍්‍රාහාරක පාලකයින් ලිඛිත, ප‍්‍රායෝගික සහ සජීව පරීක්ෂනවලට ලක් විය.

නිළධාරීන් 04 දෙනෙකු සිය ,BEE, කාණ්ඩය උසස් කරන ලද අතර ුඅනෙකුත් නිළධාරීන්ගේ ,BEE, කාණ්ඩය නැවත වලංගු කරන ලදී.

මෙම වර්ගීකරන වැඩසහුටහන සහ සහතික පත් ප‍්‍රදානය අංක 01 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණයේදී පවත්වන ලද අතර ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් පාලවිය ගුවන් හමුදා කඳවුරු අංක 05 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණයේ දී මීරිගම ගුවන් හමුදා කඳවුරු ගුවන් ආරක්ෂණ අණ හා පාලන මධ්‍යස්ථානයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.