ගුවන් හමුදාපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය- ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර ඒකල

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඒකල කදවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය ඊයේ (09) පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකල කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ජානක අමරසිංහ අණදුන් පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමාව කදවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදී.

මූලික සටන් පුහුණු පාඨමාලාවෙන් පසුව ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ උසස් හා
මූලික වෘත්තීය පාඨමාලාවන් සිදුකරන උසස් හා තාක්ෂනික පුහුණු පාසල ස්ථාපිත කර ඇති අතර මූලික ආධුනිකයන් බදවා ගැනීම් සිදුකරනුයේද මෙම කදවුර තුල වීම විශේෂ කරුනකි.

තවද ජාතික පරිසර අධිකාරීයේ අනුග්‍රහයෙන් ඉදිකල කසල කළමණාකරන ව්‍යාපෘතිය ගුවන් හමුදාපතිතුමා විසින් විවෘත කරන ලදී.මෙමගින් පරිසරයට මුදා හරින කසල නිවැරදිව කළමණාකරනය කොට කදවුරු පරිශ්‍රය පිරිසිදුවත් අලංකාරවත් ලෙස තබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය, තවද දන්ත ශල්‍යකර්ම ඒකකයක් හා බ්‍රිලියට් ක්‍රීඩාවේ යෙදීමට බ්‍රිලියට් කුටියක්ද ගුවන් හමුදාපතිතුමා අතින් මෙහිදී විවෘත කරන ලදී.

මෙම සංචාරය අතර තුර සේවා වනිතා ඒකකයේ පූර්න අනුග්‍රහයෙන් ගුවන් හමුදා ඒකල කදවුරේ ස්ථාපිත ජාත්‍යන්තර මට්ටමේ පෙර පාසලෙහි ක්‍රියාකාරීත්වය පිළිබද සොයාබැලූ අතර,නවතම සංකල්පයක් මත ඉදිකල දුරස්ථ පාලක  ආකෘති සමාජ ශාලාවේ වැඩකටයුතු පිළිබදව ද මෙහිදී පරීක්ෂනයට ලක්කරන ලදී.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.