කාන්තා අයිතිවාසිකම් හා නීති මාලාව පිළිබඳ දැනුවත් කිරීෙම වැඩසටහන 2018

ශි‍්‍ර ලංකා ගුවන් හමුදා නිති දෙපාර්තමෙන්තුව හා ගුවන් කාන්තා පක්ෂාංගය විසින් එකාබද්ධව මෙහෙයවන ලද කාන්තා අයිතිවාසිකම් හා නීති මාලාව පිළිබඳ දැනුවත් කිරීෙම වැඩසටහනක් 2018 පෙබරවාරි මස 27 වන දින කටුනායක ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කඳවුරේ ඇස්ට‍්‍රා ශාලාවේදී ගුවන් හමුදා සාමාජිකයන් 200 කට අධික පිරිසක ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

මෙම වැඩමුළුව සදහා ගුවන් හමුදා බණ්ඩාරනායක ජත්‍යන්තර  ගුවන්තොටුපල ගුවන් හමුදා පුහුණු පාසලේ සහ පලාවි ගුවන් හමුදා කඳවුරේ පිරිස් සහභාගි වූහ. සහකාර පොලිස් අධිකාරි බිම්ෂානි ජයසිංහ ආරච්චි මහත්මිය හා ශි‍්‍රලංකා පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශ අධ්‍යක්ෂිකා උපේක්ෂා බණ්ඩාර යන මහත්මින්  දේශකවරුන් ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.