ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතියේ දෙවන නිවාසය ප‍්‍රදානය සිදු කෙරේ

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය විසින් ඉදිකරන ලද දෙවන නිවස නායක ගුවන් කාන්තා මදුශානි එම් එස්  හට ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 2018 මාර්තු මස 15 වන දින කළුතර ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

 නායක ගුවන් කාන්තා මදුශානිගේ පියාත් සහෝදරයාත් පූර්ණ ආබාධිත තත්වයෙන් පසුවීම නිසා  ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම නිවස ඇයට ප‍්‍රධානය කිරීමට  තීරණයකරන ලදී.

මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබාදුන් අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍සකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නාමාවට පත් කරන ලදී.


සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම්.ආර්.කේ සමරසිංහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ  අණදෙන නිලධාරී ගෘාප් කැප්ටන් මොහාන් බාලසූරිය  නිළධාරීන්ල සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ නියෝජතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.