අංක 02 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 73 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි

චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 02 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 73 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය කිරීම 2018 මාර්තු මස 23 වන දින ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඒඊඩබ් විජේසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ත‍්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරී්නගේ හඬ අධ්‍යයන හා කළමනාකරණ දැනුම ලබා දීම සහ නායකත්ව ගුණාංග වැඩිදියිණු කිරීම මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වෙයි. පාඨමාලාව සති 11 ක පමණ කාලයක් පුරා පවත්වන ලදී. මෙම පාඨමාලාවන් ද්විත්වයම රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පවත්වන ලද අතර පාඨමාලාව අවසානයේ අවශ්‍ය සුදුසුකම් සපුරාලන කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් හට කළමනාකරණ සහතික පත‍්‍රයක් ප‍්‍රදානය කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 49 දෙනෙකු, කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 35 දෙනෙකු, ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 02 දෙනෙකු සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 02 දෙනෙකු ගෙන් මෙම පාඨමාලාවන් සමන්විත විය. මෙහිදී 88 දෙනෙකු හට සහතික පත් ප‍්‍රදානය කරන ලදී.

අංක 02 ඉංග‍්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යයා වශයෙන් සැරයන් උඩුවෙල යූඩීසී සම්මාන හිමිකර ගත් අතර අංක 73 සිංහල මාධ්‍ය පාඨමාලාවේ සැරයන් සුදර්ශන එම්එච්ජේ සහ කෝප‍්‍රල් ජයසේන පීජීඑන්පී පිළිවෙලින් සෑම අතින්ම දක්‍ෂ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් ලෙස සම්මාන දිනා ගන්නා ලදී.

අංක 02 ඉංග‍්‍රීසි මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරී කළමනාකරණ පාඨමාලාවේ සම්මාන ලද්දන්

සෑම අතින්ම දක්‍ෂ ශිෂ්‍යයා
සැරයන් උඩුවෙල යූඩීසී

කළමනාකරණය අතින් දක්‍ෂතම ශිෂ්‍යයා
සැරයන් උඩුවෙල යූඩීසී

දක්‍ෂතම කථිකයා
කෝප‍්‍රල් කුමාර එම්ඩබ්සීඑස්


අංක 73 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරී කළමනාකරණ පාඨමාලාවේ සම්මාන ලද්දන්

සෑම අතින්ම දක්‍ෂ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියා
සැරයන් සුදර්ශන එම්එච්ජේ  

සෑම අතින්ම දක්‍ෂ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියා
කෝප‍්‍රල් ජයසේන පීජීඑන්පී

කළමනාකරණය අතින් දක්‍ෂතම ශිෂ්‍යයා
කෝප‍්‍රල් ජයසේන පීජීඑන්පී

දක්‍ෂතම කථිකයා - ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරි
සැරයන් සෙනෙවිරත්න ඩීඩබ්ඩබ්

දක්‍ෂතම කථිකයා - කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරි
කෝප‍්‍රල් අමරසේන ඩීඑස්එන්කේ

ශාරීරික යෝග්‍යතාව අතින් දක්‍ෂතම ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියා
සැරයන් කුමාර ජේඑස්අයි

ශාරීරික යෝග්‍යතාව අතින් දක්‍ෂතම කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියා
කෝප‍්‍රල් විජේකෝන් ඩබ්එම්සීකේ



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.