දකුණු ආසියානු තරඟාවළියේදී රන් පදක්කම්ක් දිනූ ගුවන් හමුදා වූෂූ ක‍්‍රිඩිකාව දිවයිනට පැමිණෙයි

දකුණු ආසියානු වූෂූ තරඟාවළියේදී කි ග‍්‍රෑම් 52 ට අඩු බර පන්තිය යටතේ තරඟ වැදුණු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා ඩබ් පී මලීෂා මධුමාලි විසින් රන් පදක්කමක් දිනා ගන්නා ලදී. තරඟාවළිය 2018 මාර්තු මස 25 වන දින පාකිස්ථානයේ දී පවත්වන ලදී.

පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ ඉරානය වැනි රටවල අති දක්ෂ වූෂූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැුසක් මෙම තරඟාවළියට සහභාගී වූහ.

ගුවන් හමුදා වූෂූ සංචිතයේ නිළධාරීන් සහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විසින් රන්ුපදක්ුකම දිුන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩිකාව කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික ගුවන් තොටුපලේදී ඉතා උනුසුම් අන්දමින් පිළිගන්නා ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.