පළමු ආරක්‍ෂක සේවා මෝටර් රථ ධාවන තරඟය-2018

පළමු වරට පවත්වන ලද ආරක්‍ෂක සේවා මෝටර් රථ තරඟාවළිය 2018 මාර්තු මස 28 සහ 29 යන දිනයන්හිදී සාලියපුර, ගජබා සුපර් ක්‍රොස් ධාවන පළයේදී පවත්වන ලදී. මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුධ හමුදා මෝටර් රථ ධාවන සංචිතයේ සභාපති මේජර් ජෙනරාල් ඩීඩීයූකේ හෙට්ටිආරච්චි සහභාගී විය. ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් සෙසුනිළයන් රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ

ධාවන ඉසව් 09 ක් යටතේ යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව නියෝජනය කරමින් මෝටර් රථ ධාවන තරඟකරුවන් 90 කට අධික ප‍්‍රමාණයක් සහභාගී වූ පළමු ආරක්‍සක සේවා මෝටර් රථ ධාවන තරඟාවළියේ සමස්ථ ශූරතාවය ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් දිනාගනු ලැබූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව එහි අනුශූරතාවය දිනා ගන්නා ලදී. මෙහිදී දක්‍ෂතම යතුරුපැදි ධවකයා වශයෙන් යුධ හමුදාවේ කෝප‍්‍රල් පේ‍්‍රමරත්න එචඑම් සම්මාන දිනාගත් අතර ගුවන් හමුදාවේ නායක ගුවන් භට පීරිස් එච්වයිඑම් එහි අනුශූරයා වශයෙන් සම්මාන හිමිකර ගන්නා ලදී. මෙවර තරඟාවළියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින් රිදී පදක්කම් 01 සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගන්නා ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.