ශී‍්‍රමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ 121 වැනි ජන්ම සැමරුම

නිදහස් ශී‍්‍ර ලංකාවේ තෙවන අග‍්‍රාමාත්‍ය දිවංගත මහාමාන්‍ය ශී‍්‍රමත් ජෝන් ලයනල් කොතලාවල ශී‍්‍රමතානන්ගේ 121 වැනි ජන්ම දිනය අපේ‍්‍රල් මස 04 වැනිදාට යෙදී තිබණි.

පරහිතකාමී රජ්‍යතාන්ති‍්‍රකයෙක් ලෙස ප‍්‍රකට කොතලාවල ශ‍්‍රීමතානන් වෙනුවෙන් පැවැත්වූ ගුණසමරු උත්සවයක් කොතලාවල ආරක්ෂක විශ්වවද්‍යලයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.

දිවංගත ජන නායකයාගේ ගුණානුස්මරණය කරමින් කොතලාවල පිළිරුව අභියස පුෂ්පොපහාරයක් ගුවන් හමුදාධිපති කුලපති  උපකුලපති හා පවුලේ ඥාතීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම ගුණසමරු උත්සවය සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය උප කුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ, නියෝජ්‍ය උපකුලපති (ආරක්ෂක හා පාලන) මේජර් ජෙනරාල් ඉදුනිල් රණසිංහ, නියෝජ්‍ය උපකුලපති (අධ්‍යයන) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත ආරියරත්න, කොතලාවල ශී‍්‍රමතානන්ගේ පවුලේ සමීප ඥාතීන් අධ්‍යායන හා අනධ්‍යායන කාර්ය මණ්ඩලය, කෙඩෙට් නිලධාරීන්, අනේවාසික සිසුන් ඇතුන්‍දා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.