සමස්ථ ලංකා අන්තර් සමාජ හොකී තරඟාවළිය - 2018

ශ‍්‍රී ලංකා නාවික හමුදා ක‍්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද ”නාවික හමුදා කුසලාන” සමස්ථ ලංකා අන්තර් සමාජ හොකී තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා පිරිමි හොකී කණ්ඩායම පසුගිය අපේ‍්‍රල් මස 08 වන දින සමත්කම් දක්වන ලදී. තරඟාවළිය වැලිසර නාවික හමුදා හොකී ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

අවසන් මහා තරඟයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 1-0 ක් ලෙස නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාවයට හිමිකම් කියන ලදී. නායක ගුවන් භට ප‍්‍රනාන්දු ඩබ්ඩබ්ඒපීයූ තරඟාවළියේ වඩාත්ම කැපී පෙනෙන ක‍්‍රිඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. තරඟාවළියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අර්ධ අවසන් පූර්ව තරඟයේදී සහ අවසන් පූර්ව තරඟයේදී පිළිවෙලින් පොලිස් කණ්ඩායම සහ යුධ හමුදා කණ්ඩායම පරාජයට පත්කරන ලදී.

ශ‍්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී රියර් අද්මිරාල් නෙයිල් රොසයිරෝ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.