පුතුකුඩුඉරිප්පුවෙන් තවත් ආයුධ රැසක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා ත්‍රිකෝණමඩු කදවුරේ බුද්ධි අංශ සාමාජිකයන් විසින්, වෙල්ලමුල්ල වයික්කාල් සහ කරෙයිමුල්ල වයික්කාල් ප්‍රදේශවල සිදුකල සෝදිසි මෙහෙයුම තුලින් එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් විසින් භාවිතා කර වලදා දැමූ අවි ආයුධ රැසක් සොයා ගැනීමට සමත් විය.

පුනරුත්ථාපන කදවුරක සිටින හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙක් විසින් ලබා දුන් තොරතුරක් මත නියමු නිලධාරී පී එස් ඩී ඩී රූපසිංහ මෙම ආයුධ තොගය සොයා ගන්නා ලදී.

මෙම ආයුධ තොගය අතර,

ටී 56 පතොරම් සහිත රයිෆල් 02 යි
මිමී 152 උගුල් සදහා භාවිතා කල කාල තුවක්කු බෝම්බ 06 යි
කි.ග්‍රෑ. 2.5 ක්ලේමෝ බෝම්බ 05 යි
එල් ටී ටී ඊ විසින් නිෂ්පාදිත කිග්‍රෑ. 25 රාගවන් ක්ලේමෝ බෝම්බ 02 යි.
මිමි 7.62 එම් පී එම් ජී පතොරම් 170 යි (ඇමනුම් සමග )
මිමි 62 එම් පී එම් ජී ඇමනුම් 14 (Links)
එල් ටී ටී ඊ විසින් නිෂ්පාදිත අත් බෝම්බ 13 යි
ටී 82 අත් බෝම්බ 05 යි
ආගස් වර්ගයේ බෝම්බ 01 යි




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.