ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරාල් බිෆින් රාවට් මහතා ගුවන් හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා‍වේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරාල් බිෆින් රාවට් මහතා ඇතුළු දූත පිරිස මැයි 18 ගුවන් හමුදා මූලස්ථානයේදී  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති  මහතා හමු විය.

ගුවන් හමුදා මුලස්ථාන පරිශ‍්‍රයට පැමිණි ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරාල් බිෆින් රාවට් මහතා ඇතුළු දූත පිරිස ගුවන් හමුදා ප‍්‍රධාන බදවාගැනීමේ නිළධාරී එයාර් කොමඩෝර් එ් ජේ අමරසිංහ විසින් පිළිගත් අතර ඉන්දියානු යුද්ධ හමුදාධිපති තුමන් වෙත ශි‍්‍ර ලංකා ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදි.
   
ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරාල් බිෆින් රාවට් මහතා සහ ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතර හමුවීම සිහි ගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණු අතර මෙම අවස්ථාව සදහා ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරින්ද සහභාගී විය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.