ඉන්දියානු ආරක්ෂක විද්‍යාලයේ සංචාරය
ජ්‍යෙෂ්ඨ නිළධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු
ජාතික ආරක්ෂක විද්‍යාලයේ කණ්ඩායමක් වන පසුගියදා (20) ගුවන් හමුදා
මූලස්ථානයේ සංචාරයක නිරත විය.
මෙම පිරිස ආරක්ෂක
මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක
විසින් පිළිගත් අතර ඔවුන් සමග සුහද කතාබහකද නිරත විය.පසුව අධ්‍යක්ෂක ගුවන්
මෙහෙයුම් එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් ගුවන් හමුදාව හා ඔවුන්
පසුගිය මානුෂීය මෙහෙයුමේදී කල ක්‍රියාදාමයන් පිළිබදව පැහැදිලි කිරිමක්
සිදු කරන ලදි.මෙම පිරිස ගුවන් හමුදා විද්‍යාපීට චින වරාය සහා අනුරාධපුර
කඳවුරු වල චාරිකාවක යෙදිමට නියමිතය.