ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර මගින් ප‍්‍රජා සත්කාරක සේවාවක්

වීරවිල 'ශ‍්‍රී අභිනවාරාමයෙහි'  අභිනවයෙන් ඉදිකරණ ලද පානීය ජල ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරු අණදෙන නළධාරී ගෲප් කැප්ටන් ඩී ආර් ඒ බී වරකාංග මහතාගේ මූලිකත්වයෙන් 2018 ජූනි මස 17 දින පැවැත්විණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ මග පෙන්වීම  යටතේ  මෙම ව්‍යාපෘතිය සිදුකරණ ලදී. විහාරස්ථානයට හා අවට ප‍්‍රදේශවාසින්ට සෙත සැලසෙන මෙම ජල ව්‍යාපෘතියේ පවිත‍්‍රාගාරය හා මෙහෙයුම් කටයුතු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර තුලින් සිදුවේ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.