ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල කොළඹ සිය සිව්වන සංවත්සරය සමරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල කොළඹ සිය සිව්වන සංවත්සරය ජූනි මස 01 දින රෝහල් පරිශ‍්‍රයේදී සමරණ ලදී. එහිදී සංවත්සරික පෙළපාලිය අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් පිඒවි පද්මපෙරුම විසින් පරික්ෂාකල අතර "මෛත‍්‍රී" ළමා නිවාසය මූලික කර ගනිමින් ශ‍්‍රමදාන වැඩ සටහනක් හා වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

තවද මෙම සංවත්සරයට සමගාමීව පාපන්දු තරගයක්,  එල්ලේ තරගයක් හා දිවා ආහාරයක් රෝහලේ සියළු නිළධාරින්  සෙසු නිළයන්  සහ සිවිල් සේවක මහතුන් ගේ  සහභාගිත්වයෙන් පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.