බංගලාදේශ ගුවන් හමුදා පාපන්දු කන්ඩායමේ ප‍්‍රථම ශ‍්‍රී ලංකා සංචාරය

සුහද ක‍්‍රීඩා හුවමාරු වැඩසටහනක් යටතේ  සාමාජිකයන් 21 දෙනෙකුගෙන් සමන්විත බංගලාදේශ ගුවන් හමුදා පාපන්දු කන්ඩායම පසුගිය ජූනි මස 07 දින බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පමිණියහ. මෙම කන්ඩායම ජූනි මස 13 දින දක්වා ලංකාවේ රැදිසිටීමට නියමිත අතර එහිදී පාපන්දු තරග කිහිපයක්ට  සහභාගී වීමට නියමිතය.

ස්කොඩ්රන්  ලීඩර් එස්එම් ෂාමීම් රීසා කළමනාකරු වශයෙන් කටයුතු කරණ මෙම කණ්ඩායම  පිළිගන්නා ලද්දේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු කමිටුවේ නිළධාරීන් විසිනි.

බංගලාදේශ ගුවන් හමුදා හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අතර සුහද තාව වර්ධනය කිරීමේ අරමණින් සිදුවන මෙම සංචාරයේ දී බංගලාදේශ කණ්ඩායම නිල් වර්ණයෙන් ක‍්‍රීඩා කිරීමට නියමිතය.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.