10 ආරක්ෂක සේවා ජල පන්දු ශූරතාවය 2018

10 වන ආරක්ෂක සේවා ජල පන්දු ශූරතාවය මෙවර ජූලි මස 05 සිට 13 දක්වා  ගුවන් හමුදා රත්මලාන ජල ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙහිදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම යුධ හා නාවික හමුදා කන්ඩායම් පරදා තියුනු ජයක් ලැබීමට සමත් විය. අවසන් තරඟය තුලදී ගුවන් හමුදා පිරිමි හා කාන්තා කන්ඩායම් යුධ හමුදා පිරිමි හා කාන්තා  කන්ඩායම් සමග තරග වැදුනු අතර එහිදී පහසු ජයක් වාර්ථා කර ගැනීමට ගුවන් හමුදා කන්ඩායම් සමත් විය. මේහා සමගාමීව පැවැත්වූ පිහිනුම් තරඟාවලියේ සමස්ථ අනුශූරයින් බවට පත්වීමට ගුවන් හමුදා කාන්තා පිහිනුම් කන්ඩායම සමත් විය.

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක හා ගොල්ෆ් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල්  එස්කේ පතිරණ මහතා සහභාගී වූ අතර ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් හි සිසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වීය.

පිහිනුම් තරගාවලියේ පදක්කම් සටහන (කාන්තා)


රන් පදක්කම්

මීටර් 50 සමනල ආර - නායක ගුවන් කාන්තා ද සිල්වා කේ ඩී ඒ
මීටර් 50 ලය ආර     - නායක ගුවන් කාන්තා රත්නායක ආර් එම් අයි යූ


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.