මීරිගම ගුවන් හමුදා කදවුරේදී ගුවන් බාලදක්ෂ නායක පුරෝගාමී වැඩමුළුවක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ නායක පුරෝගාමී වැඩමුළුවක් 2018 ජූලි මස 20 සහ 21 යන දෙදින තුළ මීරිගම ගුවන් හමුදා කදවුරේධී ඉතා සාර්ථක අන්දමින් පවත්වන ලදී. බාලදක්ෂ පුහුණුකරුවන් තිදෙනෙකුගෙන් සමන්විත ගුවන් බාලදක්ෂ නායකයින් 23 දෙනෙකු මෙම වැඩමුළුව සදහා සහභාගී වූහ.

මෙම වැඩමුළුව ජාතික බාලදක්ෂ මූලස්ථාන කොමසාරිස් රුවන් ආරියරත්න මහතා සහ ගම්පහ දිස්ත‍්‍රික් සහකාර දිස්ති‍්‍රක් කොමසාරිස් නීල් නන්දසිරි මහතා විසින් මෙහෙයවන ලදී.

ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායම් ප‍්‍රධාන බාලදක්ෂ කණ්ඩායම් නායක ගෲප් කැප්ටන් පමින්ද ජයවර්ධන, මීරිගම ගුවන් හමුදා කදවුරු වැඩබලන අනදෙන නිළධාරී විංග් කමාන්ඩර් පීසී දිසානායක, 57 වන කොළඹ ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂ කණ්ඩායම් නායක විංග් කමාන්ඩර් එල්එස්ආර් පාගොඩ, 01වන ගම්පහ ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂ කණ්ඩායම් නායක විංග් කමාන්ඩර් ඩීඑන්එස් හලහකෝන්,  මීරිගම ගුවන් හමුදා කදවුරු නිළධාරී අණදෙන ආරක්‍ෂක ස්කොඩ්රන් ලීඩර් එස්ඩීඩීජේ රණසිංහ සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අනෙකුත් බාලදක්ෂ නායකයින් රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.