ගුවන් විරුවන් අනුස්මරණය කිරීමේ ඉස්ලාම් ආගමික පුජෝත්සවය 2018

ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ ඉස්ලාම් ආගමික පුජෝත්සවය, 2018 ජූලි මස 26 වන දින උදෑසන 0830 කොල්ලූපිටිය ජුම්මා දේවස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදි.

ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ඉස්ලාම් ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සාමාජිකයින් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය ගුවන් හමුදා සාමාජිකයින්  සිහිකිරීම, සක‍්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිමද සිදු විය.

මෙම පූජෝත්සවය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතළු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන්  හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා සෙසු නිළයන් ඇතුළු මියගිය ගුවන් හමුදා රණවිරු පවුල්වල සාමාජිකයින්ද සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.