අන්තර් ඒකක බිලියට් හා ස්නූකර් තරඟාවලිය 2018

ගුවන් හමුදා කටුනායක මූලික කදවුරේදී පසුගිය ජූලි මස 26 දින පැවති 2018 අන්තර් ඒකක බිලියට් හා ස්නූකර් ශූරතාවය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසැල පරදා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කදවුර දිනාගැනීමට මෙවර සමත් විය.

එහිදී පැවති පිරිමි විවෘත ශුරතාවය දිනාගැනීමට ගුවන් හමුදා අනුරාධපුර මූලික කදවුෙර් බලපංති සැරයන් බන්ඩාර ඩබ්ලිව් ජී ඒ එම් සමත් වූ අතර කාන්තා ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කදවුරේ කෝප‍්‍රල් දනන්ජනී ජී සී සමත්කම් දක්වන ලදී.

කටුනායක මූලික කඳවුරු අනදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර නිළධාරීන්,සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.