ගුවන් මගින් බරපතල සහ කම්පන රෝගීන් ප‍්‍රවාහනය කිරීමේ පහුණුවක්

නූතන වෛද්‍ය ක්‍ෂේත‍්‍රයට අනුව අසාධ්‍ය රෝගීන් සඳහා නිශ්චිත රැකවරණය සහ ප‍්‍රවාහනය යන දෙඅංශය කෙරෙහිම වැඩි අවධානයක් යොමු කරනු ලබයි. නිශ්චිත රැකවරණය යනු තීරණිත්මක සත්කාරයේ අවසන් ඉලක්කය වන අතරල රෝගීන් කඩිනම් සහ නිසි ලෙස ප‍්‍රවාහනය කිරීමල ජීවිත සහ දෙපා බේරා ගැනීමේ සම්භාවිතාව කෙරෙහි ප‍්‍රධාන බලපෑමක් කරනු ලබයිග

ශ‍්‍රීූ ලංකා ගුවන් හමදාව යුධ සමයේ විවිධ අවස්ථාවන්හිදී රෝගීන් ප‍්‍රවාහනය කරමින් ජීවිත බේරා ගැනීමේ කටයුතු  රැුසක් සිදු කරන ලද අතර එම මෙහෙයුම් මගින් හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් පුද්ගලයින් ගේ ජීවිත බේරාගැනීම සිදු කරන ලදීග මේ අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් මගින් රෝගීන් ප‍්‍රවාහනය කිරීම සිදු කිරීමේ ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටකරනු ලබන අතර අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් ගුවන් මගින් ප‍්‍රවාහනය කිරීම සඳහා ගුවන් වෛද්‍ය කට්ටලයක් සවිකරන ලද බෙල් හොලිකෝපටරයක් භාවිතා කරනු ලබයි.

නූතන වෛද්‍ය විද්‍යාෙව්  ඇති දැනුම හා ප‍්‍රවණතා හුවමාරු කර ගැනීම සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ නිර්වින්දන වෛද්‍ය වරුන් සමග එක්ව 2018 අගෝස්තු 02 වන දින රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී මෙම පුහුණු අභ්‍යාසය පවත්වන ලදී.

මෙම පුහුණු අභ්‍යාසය සදහා ගුවන් හමුදා කොළඹ රෝහෙල් අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වසන්ත පද්මපෙරුම ගුවන් හමුදා රත්මලාන රෝහෙල් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සුජීව අල්විස් ඇතුළු රත්මලාන ගුවන් හමුදා රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සහභාගී විය.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.