සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන අනුලා ප්‍රනාන්දු නිවාස ව්‍යාපෘතිය යටතේ ගුවන් හමුදා සේවයෙහි යෙදි සිටියදි 2007 ඔක්තෝම්බර් මස 22 වන දින අනුරාධපුර කඳවුරේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය 22824 කෝප්‍රල් ප්‍රනාන්දු එච්.පී.එන්.ඩී රණවිරුවාගේ බිරිඳ වන එන්.ඩී.ඩී.බී. ප්‍රනාන්දු මහත්මියට හා දියණිය හට නිවසක් පරිත්‍යාග කිරිමේ උත්සවයක් 2010 සැප්තැම්බර් මස 30 දින මාතලේ නාවුල ප්‍රදේශයේදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා අතින් සිදුවිය.